අප පිළිබඳව
ඉතිහාසය
ජාතික රජය විසින් පළාත් පාලන ආයත සඳහා යටිතල පහසුකම් සහ මහජන උපයෝගිතා සංවර්ධන
මූල්‍යකරණය සකස් කරන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය සමය තෙක් LL&DF හි ඉතිහාසය දිව යයි. LLDF
හි ප්‍රධාන කාර්යය වන්නේ පළාත් පාලන ආයතන වන නාගරික සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා
340ක ප්‍රාග්ධන ආයෝජන අවශ්‍යතා සපුරාලීම වන අතර එය සහනදායී පොලී අනුපාතයකට මුල්‍ය
පහසුකම් සපයයි.
1916 අංක 22 දරන දේශීය ණය සහ සංවර්ධන ආඥාපනත යටතේ දේශීය ණය සහ සංවර්ධන අරමුදල (LLDF) නිර්මාණය කරන ලදී.
මුල් අදියරේදී මෙම අරමුදල මගින් ඕනෑම පළාත් පාලන ආයතනයකට, රාජ්‍ය නිලධාරීන්ට සහ සමුපකාර සමිති වෙත ඕනෑම මහජන උපයෝගිතා කටයුත්තක් සඳහා ණය පහසුකම් සපයන ලදී.
1930 අංක 06, 1931 අංක 25, 1938 අංක 43, 1942 අංක 21, 1949 අංක 29 පනත, 1974 අංක 09 නීතිය සහ 1993 අංක 24 දරන පනත මගින් මෙම ඥාපනතට සංශෝධන සිදු කර ඇත. 1974 අංක 09 නීතිය යටතේ ණය ලබා දීමේ අරමුණු පළාත් පාලන ආයතනවලට පමණක් සීමා කර ඇත.
LLDF වෙනම ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන අතර 1994 වසර දක්වා පළාත් පාලන දෙපාර්තමේන්තුවේ හෝ අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් ලෙස ක්‍රියා කර ඇත. 1995 සිට මෙම ආයතනය පමණක් ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීම ආරම්භ කර ඇත.
ADB විසින් අරමුදල් සපයන ලද නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියෙන්(UDLIHP) රුපියල් මිලියන 2270ක් සහ පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියෙන් (LGIIP)රුපියල් මිලියන 4500ක් අයකර ගැනීමට LLDF විසින් භාරගෙන ඇත.
දැක්ම
ප්‍රාදේශීය මට්ටමේ යටිතල පහසුකම් මූල්‍යකරණය සඳහා ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වීම
අරමුණ
පළාත් පාලන ආයතනයකට භාර ගැනීමට නීතියෙන් අවසර දී ඇති ඕනෑම මහජන උපයෝගිතා කාර්යයක් සඳහා රටේ ඕනෑම පළාත් පාලන ආයතනයකට සහනදායී පොලී අනුපාතයකට ණය අවශ්‍යතා සැපයීම (ණය ලබාදීම පළාත් පාලන ආයතනවලට පමණක් සීමා වේ).

මෙහෙවර
මූලික යටිතල පහසුකම් සේවා සඳහා දිගුකාලීන මූල්‍ය පහසුකම් සපයන ස්වාධීන සහ තිරසාර මූල්‍ය ආයතනයක් බවට පත්වීම සහ රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට දායක වීම.
අරමුදල්
2009 වසර දක්වා සහනදායී පොලී අනුපාතයක් යටතේ දිගුකාලීන ණයක් ලෙස භාණ්ඩාගාරය විසින් අරමුදල් සපයන ලදී. ADB ණය (අංක. 1632 SRI (SF) සහ ADB ණය (අංක. 2201 SRI (SF)) යටතේ අයකර ගන්නා ලද ණය ආරම්භ වීමත් සමඟ ණය ලබා දීමේ අරමුණ සඳහා අරමුදල්වල ආවර්ත පහසුකම් ඇත.
අප පාර්ශ්වකරුවන්





