2024 වර්ෂයේ ප්‍රමුඛතා සංවර්ධන ක්ෂේත්‍ර හදුනා ගැනීම සහ එම ව්‍යාපෘති වලට මුල්‍ය පහසුකම් ලබා දීම

2024 වර්ෂය තුල ජාතික ආර්ථිකයට වැදගත් වන අර්ථාන්විත ව්‍යාපෘති සදහා පළාත් පාලන ආයතන වලට මූල්‍ය පහසුකම් ලබා දී රජයේ ජාතික ප්‍රතිපත්තිවලට දායක වීම සදහා වන ප්‍රමුඛ සංවර්ධන ක්ෂේත්‍ර හදුනා ගැනීම සහ ඒවා කඩිනම් කිරීමේ අරමුණින් 2024.01.22 දින ගරු අග්‍රමාත්‍යතුමා ප්‍රමුඛ දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පවත්වන ලදි.

ඊට සමගාමීව සංවර්ධන කටයුතු සැලසුම් කිරීමට පහත ප්‍රමුඛ සංවර්ධන ක්ෂේත්‍ර හදුන්වා දීම හා එම ක්ෂේත්‍රයන් සදහා නව ව්‍යාපෘති හදුනා ගැනීම හා ණය ඉල්ලුම් කිරීම සම්බන්ධව පළාත් පාලන ආයතන දැන්වත් කිරීමේ වැඩසටහන් 2024/02/01 දින පවත්වන ලදි.

  • පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන මගින් විදුලි ගාස්තු අවම කර ගැනීම
  • මහජනතාවට අවශ්‍යය වන ආදාහනාගාර සැපයීම
  • පුස්තකාල හා සමිබන්ධ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ඇති කිරීම

සදහා වන මූල්‍ය පහසුකමි ලබාගැනීමට කැමති පළාත් පාලන ආයතන කැදවා 2024.02.01 දින සාකචිඡාවක් පවත්වන ලදි.